Hirunews Logo
%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%93%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%AF%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B6%A7
Tuesday, 25 June 2019 - 7:57
දෙවන ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුව ජාත්‍යන්තර වෙළදපොළට
117

Views
ශ්‍රී ලංකාව වසරේ දෙවන ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුව ජාත්‍යන්තර වෙළඳපොළ වෙත දියත් කිරීම ඊයේ ආරම්භ කළා.

බ්ලූම්බර්ග් ව්‍යාපාරික වෙබ් අඩවිය සඳහන් කළ පරිදි වසර 5කින් කල් පිරෙන එම බැඳුම්කර සඳහා සියයට 6.6ක පොළියක් ද වසර 10කින් කල් පිරෙන බැඳුම්කර සඳහා සියයට 7.8ක පොළියක් ද ගෙවිය යුතුයි.

පසුගිය මාර්තු මාසයේදී ද ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් බිලියන 2.4ක ස්වෛරීත්ව බැඳුම්කර ජාත්‍යන්තර වෙළදපොළට නිකුත් කළා.

මෙවර බැඳුම්කර නිකුතුව මගින් ඩොලර් බිලියන 2.5ක් උපයා ගැනීමට අපේක්ෂා කෙරෙනවා.

වසරේ තුන් වන බැඳුම්කර නිකුතුව මගින් ද ඩොලර් බිලියන 2ක් උපයා ගැනීමට අදහස් කරන බවයි මහබැංකුව ප්‍රකාශ කළේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE