Hirunews Logo
%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B6%9C%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%83%E0%B7%93%E0%B6%BB%E0%B7%94%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A
Thursday, 11 July 2019 - 12:59
පොල් වගාකරුවන් අසීරුතාවක
156

Views
පොල් මිල සීග්‍රයෙන් පහත වැටීම හේතුවෙන් පොල් වගාකරුවන් අසීරුතාවන්ට ලක්ව සිටිනවා. අස්වැන්න ඉහළ යාම සහ දිසිනි පොල් සඳහා ලෝක වෙළඳපොලේ පවතින මිල පහළ යාම මෙරට වෙළඳපොලේ පොල් මිල අඩුවීමට හේතුවී ඇති බවයි පොල් සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කළේ.

පසුගිය වසරේ ජනවාරි සහ මැයි මාස අතර කාලසීමාව හා සැසඳීමේදී මෙම වසරේ එම කාලය තුළ පොල් අස්වැන්න සියයට 32 කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.  

ඒ අනුව මේ වනවිට පොල් ගෙඩියක් වෙළඳපොලේ අලෙවි වන්නේ රුපියල් 40 ත් 60 ත් අතර මිලකටයි.

පවතින තත්ත්වය සළකා ෆාම් තෙල් ආනයනය තාවකාලිකව අත්හිටුවන ලෙස රජයෙන් ඉල්ලා ඇති බවයි පොල් වගාකරුවන්ගේ සංගමයේ හිටපු සභාපති රංජිත් ඩයස් කියා සිටියේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE