%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B8%E0%B7%84%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%84%E0%B6%AD+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B6%BA%E0%B7%92
Friday, 12 July 2019 - 13:44
ආර්ථික වර්ධන පුරෝකථනය මහබැංකුව පහත හෙළයි
151

Views
මේ වසරේ මෙරට ආර්ථික වර්ධනයේ පුරෝකථනය පහත හෙලීමට මහබැංකුව පියවර ගෙන තිබෙනවා.

2019 වසර සඳහා මහබැංකුව අපේක්ෂා කළේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4ක වර්ධනයක්.

එහෙත් එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3 දක්වා පහත හෙලීමට තීරණය කළ බව මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ප්‍රකාශ කර තිබෙනවා.

විශේෂයෙන් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු මේ වසරේ දෙවන කාර්තුවේ ආර්ථික ක්‍රියාකාරකම් මන්දගාමී වීම ඊට ප්‍රධාන හේතුවක්.

කෙසේ නමුත් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු බිද වැටුණු සංචාරක කර්මාන්තය අපේක්ෂිත කාලයට වඩා කඩිනමින් ප්‍රකෘතිමත් වෙමින් පවතින බව මහබැංකු අධිපතිවරයාගේ අදහසයි.

විශේෂයෙන් රටවල් රැසක් ශ්‍රී ලංකාව සඳහා පනවා තිබූ සංචාරක අවදානම් නියෝග ඉවත් කර ගැනීම ඊට හේතුවයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE