Hirunews Logo
%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD+%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Sunday, 14 July 2019 - 12:42
රුපියල ශක්තිමත් වෙයි
138

Views
වසරේ මේ දක්වා ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සියයට 4.1 කින් ශක්තිමත් වී තිබෙනවා.

සති අන්තය වනවිට ඇමරිකානු ඩොලරයක විකිණුම් මිල සටහන් වූයේ රුපියල් 177 යි ශත 21 ක් ලෙසයි.

වෙළඳ ශේෂය පහත වැටීම මෙන්ම ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වාරික ලැබීම, විනිමය කෙරෙහි පීඩනය අවම කර ඇති බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

පසුගිය වසරේදී ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සියයට 16 කින් පමණ පහත වැටීමක් පෙන්නුම් කළා.

ජූනි මාසය අවසන් වනවිට මෙරට විදේශ සංචිතය ඩොලර් බිලියන 8.9 දක්වා ඉහළ යාමද විනිමය ස්ථාවරවීමට තවත් හේතුවක්.

 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE