දියර කිරි ලීටරයක මිල ඉහළ දැමීමේ සූදානමක්

Monday, 15 July 2019 - 12:50

%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%BB+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%BD%E0%B7%93%E0%B6%A7%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
දියර කිරි ලීටරයක මිල ඉදිරියේදී ඉහළ දැමීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

වත්මන් ආණ්ඩුව බලයට පත්වූ පසු රුපියල් 50 ක්ව පැවති දියර කිරි ලීටරයක මිල රුපියල් 70 දක්වා ඉහළ නංවා ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

වාර්ෂිකව කිරිපිටි ආනයනය සඳහා වැයකරන මුදල රුපියල් මිලියන 40,000 ක්. මෙරට කිරි ගොවීන්ගේ ගැටළු විසඳීම සඳහා 61 62 ක්‍ෂණික ඇමතුම් අංකය හඳුන්වාදී ඇති අතර, කිරි ගොවීන්ට තම ගැටළු එම අංකයට දැනුම්දිය හැකි බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.