පොලී අනුපාත පහත හෙලන්නැයි මහබැංකුවෙන් දැනුම්දීමක්

Friday, 19 July 2019 - 12:59

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD+%E0%B6%B4%E0%B7%84%E0%B6%AD+%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
තැන්පතු සහ ණය නිකුතු සඳහා වන පොලී අනුපාත කඩිනමින් තවදුරටත් පහත හෙලන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන වෙත දැනුම් දී තිබෙනවා.

මහ බැංකුව මේ ආකාරයෙන් පසුගිය අප්‍රේල් මාසයේදී තැන්පතු සහ නිකුතු පොලී අනුපාත අඩු කරන ලෙස දැනුම්දීමක් කර තිබුණා.

නැවතත් ජූලි 01 වැනිදා සිට බැංකුවලට සහ තුන්වන කාර්තුවේ සිට බැංකු නොවන මූල්‍ය ආයතනවලට පොලී අනුපාත අඩු කරන ලෙස දැනුම්දීමක් කරනු ලැබුවා.

බැංකු සහ මූල්‍ය ආයතන වෙත සිදුකර ඇති නවතම දැනුම්දීම මගින් කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට අඩු පොලියක් යටතේ ණය ලබාගැනීමට හැකිවනු ඇති බවයි මහ බැංකුව ප්‍රකාශ කළේ.\r\n