%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%AB%E0%B6%BA+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A+70%25%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B7%8F+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%B8%E0%B7%84%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
Saturday, 20 July 2019 - 13:15
මේ වසරේ විදේශ ණය වාරික 70%ක් ගෙවා අවසන් - මහබැංකු අධිපති
94

Views
මේ වසරේ ශ්‍රී ලංකාව ගෙවිය යුතු විදේශීය ණය වාරිකවලින් සියයට 70ක් මේ වන විට පියවා ඇති බව මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පවසනවා.

ශ්‍රී ලංකාව මේ වසරේදී රුපියල් බිලියන 5.4ක ණය වාරික ගෙවිය යුතු අතර, එම සම්පූර්ණ මුදල මෙන්ම ඉදිරි වසරේ ණය වාරික ගෙවීමට හැකියාවක් පවතින බව ලංකා වාණිජ මණ්ඩලය සංවිධානය කළ ව්‍යාපාරික සමුළුවක් අමතමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මෙරට විදේශ සංචිතය ද මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන 8.5 දක්වා වර්ධනය වී ඇති බවයි මහබැංකු අධිපතිවරයා සඳහන් කළේ.

නව ණය කළමනාකරණ නීතිය යටතේ ජපාන යෙන් බැඳුම්කර ඇතුළු මුදල් හුවමාරු මගින් අරමුදල් සපයා ගැනීමට කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE