%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%9A+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
Sunday, 21 July 2019 - 12:38
ලෝක වෙළඳ පොලේ තෙල් මිල ඉහළට
1

Shares
176

Views
ඉරානය විසින් ගල්ෆ් මුහුදේ හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදි බ්‍රිතාන්‍ය තෙල් නෞකාවක් ඇතුලූ ඉන්ධන නෞකා දෙකක් සිය භාරයට ගැනීමත් සමඟ ඇතිවී තිබෙන උණුසුම් වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.

සති අන්තය වනවිට බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක මිල ඩොලර් 63 යි ශත 33 ක් වූ අතර, ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල ඩොලර් 56 යි ශත 15 ක් ලෙස සටහන් වුණා.

සිකුරාදා දිනයේ පමණක් බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක් සියයට 2.1 කින් සහ ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක් සියයට 1.5 කින් ඉහළ යාම විශේෂත්වයක්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE