කොටස් වෙළඳපොළ වැටේ

Monday, 22 July 2019 - 19:04

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%9A
සති දෙකක් තිස්සේ වර්ධනය වූ කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක අද දිනයේ පහත වැටීමක් පෙන්නුම් කළා.

සමාගම් කොටස්වල ලාභාංශ ඉවත් කර ගැනීම ඊට හේතුව ලෙස සැලකෙනවා. සමස්ත දර්ශකය ඒකක 55කට වැඩි ප්‍රමාණයකින් පහත වැටුණු අතර, දිනය අවසන දී සටහන් වූයේ 5659.77ක් ලෙසයි.

කොටස් වෙළදපොළේ අද දින මුළු පිරිවැටුම රුපියල් මිලියන 210කට සීමා වුණා.