%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA+2%25
Tuesday, 23 July 2019 - 7:50
උද්ධමනය 2%
148

Views
මේ වසරේ ජුනි මාසයේ උද්ධමන වේගය සියයට 2.1 දක්වා මන්දගාමී වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

එය මාස 5කින් අවම උද්ධමන වේගය වන අතර, මැයි මාසයේදී එම අගය සටහන් වූයේ සියයට 3.5ක් ලෙසයි.

2018 වසරේ ජුනි මාසයට සාපේක්ෂව 2019 ජුනි මාසයේ පොල්, එළවළු සහ සහල් මිල අඩුවීම හේතුවෙන් උද්ධමනය සඳහා ආහාර ඛාණ්ඩයේ දායකත්වය කැපී පෙනෙන ලෙස අඩු වී තිබෙනවා.

කෙසේ නමුත්, ජාතික පාරිභෝගික මිල දර්ශකය සැලකූ විට එය මැයි මාසයේ පැවති 128.7ක දර්ශනාංකයේ සිට ජුනි මාසයේදී 129.2 දක්වා ඉහළ යාම විශේෂත්වයක්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE