%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%AF%E0%B7%92%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%84%E0%B6%AD%E0%B6%A7
Tuesday, 23 July 2019 - 13:03
වාහන ලියාපදිංචිය පහතට
191

Views
මේ වසරේ ජුනි මාසයේ මෙරට වාහන ලියාපදිංචිය මැයි මාසයට සාපේක්ෂව පහත වැටී තිබෙනවා.

විශේෂයෙන් යතුරුපැදි ලියාපදිංචිය 26,201 දක්වා පහත වැටී ඇත්තේ වසර 3කින් අවම අගය සලකුණු කරමින්.

ණය දෙන ආයතන මගින් ලීසිං පහසුකම් ලබා ගැනීමේ දුෂ්කරතා මෙම තත්ත්වයට හේතුව ලෙස තැරැව්කාර සමාගම් පෙන්වා දෙනවා.

ජුනි මාසයේදී මෝටර් රථ 1580 ක් ලියාපදිංචි කර ඇති අතර, මැයි මාසයේදී එම සංඛ්‍යාව 1816ක් ලෙස සටහන් වුණා.

වසරකට පෙර එනම්, 2018 ජුනි මාසයේ ලියාපදිංචි කළ මෝටර් රථ සංඛ්‍යාව 6819 ක්.

වසරකට පෙර 992 ක් වූ නව මෝටර් රථ ලියාපදිංචිය මේ වසරේ ජුනි මාසයේදී 222 ක් දක්වා පහත වැටී ඇති බවයි සංඛ්‍යාලේඛණවලින් අනාවරණ වන්නේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE