%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%AF%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%9A+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7
Tuesday, 13 August 2019 - 13:01
ලෝක වෙළදපොළේ තෙල් පහළට
133

Views
ඇමරිකානු - චීන වෙළඳ යුද්ධය හේතුවෙන් පැන නැගුණු ගෝලීය ආර්ථිකයේ අවිනිශ්චිතභාවය හේතුවෙන් ඉල්ලූම අඩුවීම නිසා ලෝක වෙළදපොළේ තෙල් මිල පහත වැටීමක් මේ වන විට දක්නට ලැබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක මිල ඩොලර් 58යි ශත 39 දක්වා පහත වැටී ඇති අතර, ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 54යි ශත 81ක් ලෙසයි.

ඔපෙක් සංවිධානය ඇතුළු තෙල් අපනයන කරන රටවල් මිල ස්ථාවර කිරීම සඳහා පසුගිය ජනවාරි මාසයේ සිට දිනක නිෂ්පාදනය බැරල් මිලියන 1.2කින් කපා හරිනු ලැබූව ද තෙල් මිල තවමත් කැපී පෙනෙන ලෙස වර්ධනය වූයේ නැහැ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE