ඉරිඟු මෙටි‍්‍රක් ටොන් 80,000ක් ආනයනයට කැබිනට් අනුමැතිය

Friday, 16 August 2019 - 7:32

%E0%B6%89%E0%B6%BB%E0%B7%92%E0%B6%9F%E0%B7%94+%E0%B6%B8%E0%B7%99%E0%B6%A7%E0%B7%92%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A7%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A+80%2C000%E0%B6%9A%E0%B7%8A+%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
ලබන වසරේ ජනවාරි 31 වන දාට පෙර සත්ත්ව ආහාර සඳහා ඉරිඟු මෙටි‍්‍රක් ටොන් 80,000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

ඉන් මෙටි‍්‍රක් ටොන් 50,000ක් ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය මගින් ආනයනය කරනු ඇති.

ඔවුන් ඒවා සත්ත්ව නිෂ්පාදන සමාගම් වෙත බෙදා දීමට නියමිතයි. සත්ත්ව ගොවිපළ පවත්වාගෙන යන අය සඳහා තවත් ඉරිඟු මෙටි‍්‍රක් ටොන් 30,000ක් ආනයනය කිරිම සඳහා අනුමැතිය හිමි වුණා.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සත්ත්ව ගොවිපළවලට ඒ සඳහා ආනයන බලපත්‍ර නිකුත් කිරීමට නියමිතයි.