%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B6%BA+%E0%B6%B6%E0%B7%92%E0%B6%B3+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Friday, 16 August 2019 - 13:09
ආසියාකරයේ විනිමය බිඳ වැටෙයි
136

Views
ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතර වෙළඳ යුද්ධයේ නිමාවක් පිළිබඳ බලාපොරොත්තු සිදී යාමත් සමඟ ආසියාකරයේ විනිමය විශාල වශයෙන් අවප්‍රමාණ වීමේ අවදානමක් පැන නැගී තිබෙනවා.

රොයිටර් පුවත් සේවය පැවැත්වූ සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ ට්‍රම්ප් පරිපාලනය දියත් කළ වෙළඳ යුද්ධය හේතුවෙන් ඉන්දුනිසියානු රුපියා, ඉන්දීය රුපියල, මැලේසියානු රින්ගිට් සහ පිලිපීන පෙසෝ විනිමය එලෙස කඩා වැටෙනු ඇති බවයි.

චීන - යුආන් විනිමය ඩොලරයට එරෙහිව කැපී පෙනෙන ලෙස පහත වැටුණු අතර, එය අනෙකුත් විනිමය කෙරෙහි ද බලපෑමක් ඇති කළා.

ලොව දෙවන විශාලතම ආර්ථිකය වන චීනයේ කාර්මික නිෂ්පාදන වර්ධනය ජුලි මාසයේදී වසර 17කින් අවම අගයට පැමිණියා.

මේ අතර, ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් පහත වැටී තිබෙනවා.

ඩොලරයක විකුණුම් මිල අද සටහන් වූයේ රුපියල් 178යි ශත 79ක් ලෙසයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE