සැහැල්ලූ දුම්රිය මඟ ඉදිකිරීම ඇරඹේ

Saturday, 17 August 2019 - 13:15

%E0%B7%83%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B6%9F+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
මාළඹේ සහ කොළඹ අතර කිලෝමීටර් 16ක් දිවෙන සැහැල්ලූ දුම්රිය සේවාවේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වී තිබෙනවා.

එහි පළමු අදියර සඳහා කොන්ක්‍රීට් වේදිකාවේ කුළුණු ඉදිකිරීමට බිම් පරීක්ෂාව ආරම්භ වී ඇති බවයි මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ.

එවැනි ස්ථාන 200ක් පරීක්ෂාවට ලක් කෙරෙන අතර, එම කුළුණු මත මීටර් 8.4ක් පළල වේදිකාවක් ඉදිකෙරෙන්නේ සැහැල්ලූ දුම්රිය ධාවනයටයි.

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය මගින් ලබාදෙන ඩොලර් බිලියන 2.2ක සහන ණය මුදල මගින් ඉදිකෙරෙන මෙම සැහැල්ලූ දුම්රිය මාර්ගයේ නැවතුම් ස්ථාන 16ක් ඉදිකෙරෙන අතර, 2025 වසරේදී ඉදිකිරීම් නිම කිරීමට අපේක්ෂිතයි.

ඉන්පසු එහි මගීන් 800 බැගින් රැගෙන යා හැකි මැදිරි 4ක් සහිත ජපාන දුම්රිය 25ක් මෙම සැහැල්ලූ දුම්රිය මාර්ගයේ යොදවනු ඇති.