කුළුබඩුවලත් ගුණාත්මක භාවය පරික්ෂාවට විද්‍යාගාර

Thursday, 22 August 2019 - 13:23

%E0%B6%9A%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B6%B6%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB
කුළුබඩුවල ගුණාත්මකභාවය පරීක්ෂා කර සහතික නිකුත් කිරීමේ වැඩපිළිවෙලක් ප්‍රාදේශීය මට්ටමින් ආරම්භ කිරීමට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ මිනි ලැබ් නමින් කුඩා විද්‍යාගාර පිහිටුවා මෙම සහතික නිකුත් කිරීම සිදුකරන බවයි.

ඒ අනුව කුළු බඩුවල මිල පහළ යාම වළක්වා ගොවීන්ට සාධාරණ මිලක් ලබාදීමට හැකිවන අතර, කුළු බඩුවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් පවතින ගැටලූවලට විසඳුම්ද ලබාදිය හැකි වනවා.

මෙමගින් වර්ණය, ලීටරයක පරිමාවේ බර, තෙතමන ප්‍රතිශය සහ පලිබෝධ හානි පිළිබඳවද පරීක්ෂා කෙරෙනු ඇති.

ඒ යටතේ කුළු බඩු එක, දෙක, තුන ආදී ලෙස ශ්‍රේණි ගතකිරීමට නියමිතයි.