%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B7%84%E0%B6%AD+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%90%E0%B6%9A%E0%B7%92
Sunday, 25 August 2019 - 14:02
දෙවන කාර්තුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය පහත වැටී ඇති බවට අනාවැකි
95

Views
මේ වසරේ දෙවන කාර්තුවේදි ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය කැපී පෙනෙන ලෙස පහත වැටී ඇති බවට මූඩි ජාත්‍යන්තර ආයෝජන සේවාව අනාවැකි පළ කරනවා.

මේ වසර තුළ පසුබෑමකට ලක්වුවද ලබන වසර මුලදී ආර්ථිකය ප්‍රකෘතිමත් විය හැකි බවයි එමඟින් පෙන්වා දෙන්නේ.

විශේෂයෙන් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු මෙරට සංචාරක කර්මාන්තයේ බිඳ වැටීම මෙලෙස දෙවන කාර්තුවේ ආර්ථික වර්ධනය පහත වැටීමට හේතුවක් ලෙස මූඩි සඳහන් කළා.

එමෙන්ම ආසියාකරයේ රටවල් රැසක පහළ මට්ටමේ ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන බව එමඟින් පෙන්වා දෙනවා.

මූඩි ආයෝජන සේවාව මගින් ආසියාවේ රටවල් 16 ක ආර්ථික වර්ධනය පිළිබඳව මෙලෙස අනාවැකි පළ කර ඇති අතර, ඔවුන් අපේක්ෂා කරන පරිදි මේ වසර තුළදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 2.6 කට සීමාවනු ඇති.

කෙසේ නමුත් එය ලබන වසරේ සියයට 3.4 දක්වා වර්ධනය වනු ඇති බව එහි අනාවැකියයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE