තිරිඟු පිටි සඳහා පාලන මිලක්

Monday, 09 September 2019 - 19:15

%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%9F%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
තිරිඟු පිටි කිලෝවක් සඳහා පාලන මිලක් තීන්දු කරන බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් පවසනවා.

ඒ අනුව හෙට දිනයේදී රැස්වන ජීවන වියදම් කමිටුව මගින් තිරිඟු පිටි සමාගම් සමඟ සාකච්ඡා කොට ඒ පිළිබදව තීරණයකට එළඹෙන බවයි අනුරාධපුරයේ අද පැවැති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

පසුගිය දා තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 5යි ශත 50කින් ඉහළ දැමීමට පිටි සමාගම් කටයුතු කරනු ලැබුවා.

මේ අතර, වැඩි මිලට තිරිගු පිටි අලෙවි කළ වෙළඳසැල් හිමියන් 100 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කළ බවයි පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළේ.