%E0%B6%85%E0%B6%BA%E0%B7%92.+%E0%B6%95.%E0%B7%83%E0%B7%93.+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%B4%E0%B7%84%E0%B6%AD+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B6%BA%E0%B7%92
Wednesday, 11 September 2019 - 13:08
අයි. ඕ.සී. සමාගමත් ඉන්ධන මිල පහත හෙළයි
4

Shares
587

Views
රජය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනයට ගනු ලැබූ තීරණයත් සමඟ අයි ඕසී සමාගමද සිය මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව රුපියල් 166ක් තිබූ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2කින් අඩු කර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 164ක්. එමෙන්ම රුපියල් 134ක්ව පැවති සුපිරි ඞීසල් ලීටරයක මිල රුපියල් 2කින් අඩු කර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 132ක්.

එහෙත් ඔක්ටේන් 92 සහ ඔටෝ ඞීසල් මිල ඔවුන් සංශෝධනය කර නැහැ.

 ඉන්ධන මිල සූත්‍රයට අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියලකින් සහ 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් සහ සුපිරි ඞීසල් ලීටරයක මිල රුපියල් 2ක බැගින් අඩු කිරීමටයි මුදල් අමාත්‍යාංශය තීරණය කරනු ලැබුවේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE