%E0%B6%B6%E0%B7%93+%E0%B7%85%E0%B7%94%E0%B7%91%E0%B6%AB%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%E0%B6%AF%3F
Saturday, 14 September 2019 - 7:36
බී ළුෑණු මිල ඉහළ යයි ද?
90

Views
ලබන සඳුදා සිට මෙරට ආනයනික බී ළුෑණු මිල ඉහළ යාමක් සිදුවිය හැකි බව ළුෑණු ආනයනකරුවන් ප්‍රකාශ කළා.

ඔවුන් කියා සිටියේ ඉන්දියානු රජය ළුෑණු අපනයනය සඳහා අවම මිලක් නියම කිරීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි.

ආනයනික ළුෑණු තොග දැනට රට තුළ පවතින්නේ සති දෙකක කාලයකට බව ද ආනයනකරුවන් පෙන්වා දෙනවා.

ඉන්දීය කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශය යටතේ ඇති විදේශ වෙළදාම් අධ්‍යක්ෂ ජනරාල් ආලෝක් වර්ධන් චතුර්වේද් ඊයේ නිවේදනය කළේ නැවත දැනුම් දෙන තුරු ළුෑණු මෙට්‍රික් ටොන් එකක් සඳහා ඇමරිකානු ඩොලර් 850ක අවම අපනයනය මිලක් නියම කරන බවයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE