ඉන්ධන හිඟ මුදල් වෙනුවට ශ්‍රී ලංකා තේ ඉරානයට

Friday, 20 September 2019 - 13:24

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%9F+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%AD%E0%B7%9A+%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
ඉන්ධන සඳහා ඉරානය වෙත ගෙවීමට ඇති හිඟ මුදල් වෙනුවෙන් මෙරට තේ අපනයනය කිරීමේ වැඩසටහන නුදුරේදීම ආරම්භ කෙරෙන බව වැවිළි කර්මාන්ත අමාත්‍යාංශය පවසනවා.

ඒ සඳහා ඛනිජ තෙල් සංස්ථාව සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලය ද එක්වනු ඇති.

ඛනිජ තෙල් සංස්ථාව විසින් ඉරානයෙන් ලබා ගත් ඇමරිකානු ඩොලර් මිලියන 250ක් වටිනා ඉන්ධන සඳහා මෙලෙස තේ අපනයනය කෙරෙන අතර, එම අපනයනවලට ශ්‍රී ලංකා තේ මණ්ඩලය ගෙවීම් සිදුකිරීමට නියමිතයි.

එමගින් ඇමරිකානු සම්බාධක උල්ලංගණය කිරීමකින් තොරව ඉරානය වෙත තේ අපනයනය කිරීමට හැකියාව ලැබෙන බවයි වැවිළි කර්මාන්ත අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.