%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%9A+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
Sunday, 22 September 2019 - 13:18
ලෝක වෙළඳපොලේ රන් මිල ඉහළට
199

Views
ලෝක වෙළඳපොලේ රන් මිල සති අන්තය වනවිට කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළා.

රන් අවුන්සයක මිල සති අන්තයේ සටහන් වූයේ ඇමරිකානු ඩොලර් 1515 ක් ලෙසයි.

ඇමරිකාව සහ චීනය අතර වෙළඳ යුද්ධය මෙලෙස රන් මිල ඉහළ යාමට ප්‍රධාන හේතුවක්.

මේ අතර ලොව විශාලතම රන් පාරිභෝගිකයෙකු වන ඉන්දියාවේ රන් අලෙවිය පහත වැටී ඇති බව වාර්තාවනවා.

ඉන්දියනුවන් මෙය රන් මිලදී ගැනීමට අසුබ කාලයක් ලෙස සැළකීම සහ මිල ඉහළ යාම ඊට හේතුවී ඇති බව සඳහන්.

මේ වසරේ මේ දක්වා ඉන්දියාවේ රන් මිල සියයට 20 කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE