%E0%B6%B4%E0%B7%84%E0%B6%AD+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%AD%E0%B7%9A+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
Sunday, 13 October 2019 - 12:44
පහත රට තේ සඳහා ඉහළ ඉල්ලුමක්
98

Views
පසුගිය සතියේ කොළඹ තේ වෙන්දේසියේදි ඉහළ කඳුකරයේ තේ වර්ගවල සැපයුම පහත වැටුණු අතර, පහත රට තේ වර්ග සඳහා ඉහළ ඉල්ලුමක් පැවති බව තැරැව්කාර සමාගම් පවසනවා.

වෙන්දේසිය සඳහා තේ කිලෝග්‍රෑම් මිලියන 5.9 ක් ඉදිරිපත් වූ අතර, ඉන් වැඩිම ප්‍රමාණයක් පහත රට තේ වර්ගයි. එහිදී බී.ඕ.පී සහ ඕ.පී. වර්ගයේ තේ වර්ග සඳහා තුර්කිය, සිරියාව සහ සෞදි අරාබිය ඇතුලු මැදපෙරදිග රටවලින් ඉහළ ඉල්ලුමක් පැවති බව සඳහන්.

පහත රට සී ටී සී තේ වර්ග සඳහා හොංකොං, චීනය සහ රුසියාවෙන් කැපී පෙනෙන ඉල්ලුමක් පැවති බවයි තැරැව්කාර සමාගම් සඳහන් කළේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE