%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Saturday, 19 October 2019 - 13:18
ලංකාවේ ආර්ථික වර්ධනය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙනුත් අනාවැකියක්
301

Views
ශ්‍රී ලංකාවේ ආර්ථීක වර්ධන වේගය මේ වසරේදී සියයට 2.7 කට සීමාවනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළා.

ලෝක ආර්ථිකය පිළිබඳ අයි.එම්.එෆ්. පුරෝකථනය වොෂින්ටනයේදී ඊයේ ප්‍රකාශයට පත් කෙරුණු අතර, එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ලබන වසරේදී සියයට 3.5 දක්වා ඉහළ යනු ඇති බවයි.

පොදුවේ ආසියා පැසිෆික් කලාපයේ ආර්ථීක වර්ධනය මන්දගාමී වුවත් කලාපය තවදුරටත් ලෝක ආර්ථීක වර්ධනයෙන් සියයට 70 ක් නියෝජනය කරනු ඇති බවයි මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකාව සඳහා එමඟින් සිදුකරන සියයට 2.7 ක ආර්ථික වර්ධනය පිළිබඳ නව පුරෝකථනය පසුගිය අප්‍රේල් මාසයේ නිකුත් කළ අගයට වඩා සියයට දශම අටක අඩුවීමක් සළකුණු කරනවා.

ලෝක බැංකුව මගින්ද මේ වසර සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් පළ කළේ මීට සමාන අනාවැකියක්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE