කෙසෙල් අපනයනය සඳහා ගොවීන් වැඩි වශයෙන් යොමු කිරීමට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
මෙරට කෙසෙල් නිෂ්පාදනය සඳහා පවතින විදේශීය ඉල්ලුම සැලකිල්ලට ගනිමින් විශේෂ කෙසෙල් ප්රභේදයක් හම්බන්තොට දිස්ත්රික්කයේ ප්රදේශ කිහිපයක් ආවරණය කරමින් වගා කිරීමට කටයුතු කරනු ලැබුවේ මේ වසරේ මුල් කාලසීමාවේදියි.
ඒ අනුව එහි පළමු අස්වැන්න අපනයනය කළ අතර ඒ සඳහා මැදපෙරදිග රටවලින් වැඩි ඉල්ලුමක් පැවති බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.
ඒ අනුව එම ප්රදේශවල අක්කර 400ක පමණ භූමි ප්රමාණයක යළි මෙම කෙසෙල් ප්රභේදය වගා කිරීමට කටයුතු කරනු ඇති.