එළවළු මිල ඉහළට

Wednesday, 23 October 2019 - 7:43

%E0%B6%91%E0%B7%85%E0%B7%80%E0%B7%85%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
මේ දිනවල එළවළු මිල සීග්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයින් පවසනවා.

ඒ අනුව සිල්ලර වෙළදසැල්වල අමුමිරිස් කිලෝවක මිල රුපියල් 500ක් පමණ වන බවත්, කරවිල කිලෝවක මිල රුපියල් 300ක පමණ අගයක් ගන්නා බවත් ඔවුන් ප්‍රකාශ කළා.

පසුගිය දිනවල පැවති වර්ෂා තත්ත්වය හේතුවෙන් වෙළදපොළට ලැබෙන එළවළු තොග සීමිත වීම මෙම තත්ත්වයට හේතු වී තිබෙනවා.