සංචාරක ආගමනය පහත වැටේ

Friday, 08 November 2019 - 13:05

%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%86%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B7%84%E0%B6%AD+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%9A
දිවයිනට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව පසුගිය ඔක්තෝම්බර් මාසයේදී පෙර වසරට සාපේක්ෂව සියයට 22.5කින් පහත වැටී තිබෙනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු මෙරට සංචාරක කර්මාන්තයට ඇති වූ බලපෑම මෙතෙක් අවසන් වී නොමැති අතර, සැප්තැම්බර් මාසයේදී ද සංචාරක ආගමනය සියයට 27.2කින් පහත වැටුණා.

ඔක්තෝම්බර් මාසයේදී දිවයිනට සංචාරකයන් එක්ලක්ෂ 18,743ක් පැමිණ ඇති අතර, ඉන් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් සහ චීනයෙන්. බි්‍රතාන්‍ය සංචාරකයන් දිවයිනට පැමිණීම සියයට 50කට වැඩි ප්‍රතිශතයකින් පහත වැටීම විශේෂත්වයක්.

වසරේ මුල් මාස 10 සැලකූ විට දිවයිනට සංචාරකයන් මිලියන 1.5ක් පමණ පැමිණ ඇති අතර, එය 2018 වසරට සාපේක්ෂව සියයට 20.7ක පහත වැටීමක් ලෙස සැලකිය හැකියි.