2020 ගෝලීය ආර්ථිකය ඍණාත්මකයි

Tuesday, 12 November 2019 - 12:53

2020+%E0%B6%9C%E0%B7%9D%E0%B6%BD%E0%B7%93%E0%B6%BA+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A%E0%B6%BA+%E0%B6%8D%E0%B6%AB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A%E0%B6%BA%E0%B7%92
ගෝලීය ආර්ථිකයේ වර්ධනය එළඹෙන 2020 වසරේදී ඍණාත්මක පැතිකඩකට යොමු වනු ඇති බව මූඩි ජාත්‍යන්තර ආයෝජන සේවාව පවසනවා.

අසාමාන්‍ය ගෝලීය දේශපාලන ප්‍රවණතා මෙන්ම ඇමරිකානු - චීන වෙළද යුද්ධය ඊට හේතු වී ඇති බවයි එමගින් පෙන්වා දෙන්නේ.

මූඩි ආයෝජන සේවාව මගින් මෙහිදී රටවල් 142ක ආර්ථික ප්‍රවණතා විශ්ලේෂණය කර තිබෙනවා. එමගින් පෙන්වා දෙන පරිදි ලබන වසරේ ලොව ප්‍රධාන රටවල් විස්සේ වර්ධනය සියයට 2.6කට සීමා වනු ඇති.