කොටස් වෙළඳපොල පහළට

Friday, 15 November 2019 - 8:03

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7
කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක ඊයේ දිනයේ පහත වැටීමක් පෙන්නුම් කළා. විශේෂයෙන් ආයෝජකයන් විසින්් සනීපාරක්ෂක සහ විදුලි සංදේශ සමාගම් කොටස් අලෙවි කරනු දක්නට ලැබෙන බවයි තැරැව්කරුවන් ප්‍රකාශ කළේ.

සමස්ත මිල දර්ශකය ඊයේ දිනය අවසනදී 5980 ක් ලෙස සටහන් වූ අතර, ගතවූ සතිය තුළ එය සියයට 1.3 කින් අපගමනය වී තිබෙනවා. වසරේ මේ දක්වා සමස්ත දර්ශකයේ පහත වැටීම සියයට 1.19 ක්.

මේ අතර ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් දුර්වලවීමක් ඊයේ දක්නට ලැබුණා.

මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඩොලරයක විකිිණුම් මිල ඊයේ සටහන් වූයේ රුපියල් 182 යි ශත 10 ක් ලෙසයි.