%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7
Saturday, 16 November 2019 - 7:47
රන් මිල පහළට
626

Views
ඇමරිකානු - චීන වෙළඳ යුද්ධය සමනය වීමේ ලකුණු පහළවීමත් සමඟ ලෝක වෙළඳපොලේ රන් මිල කැපී පෙනෙන ලෙස පහත වැටී තිබෙනවා.

ඇමරිකානු මධ්‍යම සංචිතයේ ද්‍රවශීලතාව වර්ධනයෙන් කොටස් මිල ඉහළ යාමද මෙලෙස රන් මිල පහත වැටීමට හේතුවක්.

ලෝක වෙළඳපොලේ රන් අවුන්සයක මිල මේ වනවිට ඇමරිකානු ඩොලර් 1500 යේ සීමාවෙන් පහත වැටී ඇති අතර, අවුන්සයක මිල සටහන් වූයේ ඩොලර් 1467 යි ශත 90 ක් ලෙසයි.

අස්ථාවර ආර්ථීක තත්ත්වයන් හමුවේ සුරක්ෂිත සංචිතයක් ලෙස ආයෝජකයන් රන් මිලදී ගැනීම සාමාන්‍ය ප්‍රවණතාවයි. එවැනි අවස්ථාවන්හිදී රන් මිල ඉහළ යාම දැකිය හැකියි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE