%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B6%91%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92
Monday, 02 December 2019 - 7:25
ආහාර එතුම් නිෂ්පාදකයන්ට නව නීති
238

Views
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ආහාර එතුම් නිෂ්පාදකයින්ට නව නීති හඳුන්වා දී තිඛෙනවා.

ඒ අනුව ලන්ච් ෂීට් පැකට්ටුවේ සන්නම් නාමය, උපරිම සිල්ලර මිල, නිෂ්පාදකයින්ගේ මිල, ලිපිනය, නිෂ්පාදිත දිනය සහ ආයු කාලය භාවිත කරන ලද ද්‍රව්‍ය, භාවිත ද්‍රව්‍ය පිළිබඳ ප්‍රකාශනය, මධ්‍යම පරිසර අධිකාරියේ ලියාපදිංචි අංකය ආදී කරුණු ඇතුළත් විය යුතු බවයි එම අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

එමෙන්ම ආහාර එතුම් කොළයක දිග සහ පළල, පැකට්ටුවක හෝ කාණ්ඩයකට අඩංගු එතුම් සංඛ්‍යාව, භාෂා තුනෙන්ම සැකසූ ලේඛනයක් ඇතුළත් කළ යුතුවනවා.

මෙම නව නීතිය ලබන වසරේ ජූනි මස 1 වනදා සිට බලපැවැත්වෙනු ඇති.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE