වවුනියාව සහ සෙට්ටිකුලම බඩඉරිඟු වගාවලට සේනාගෙන් හානි

Wednesday, 04 December 2019 - 13:31

%E0%B7%80%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B6%B8+%E0%B6%B6%E0%B6%A9%E0%B6%89%E0%B6%BB%E0%B7%92%E0%B6%9F%E0%B7%94+%E0%B7%80%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92
වවුනියාව සහ සෙට්ටිකුලම ප්‍රදේශවල බඩඉරිඟු වගාවන්ට සේනා දළඹු වසංගතය ව්‍යාප්ත වී ඇති බව වාර්තාවනවා.

කෙසේ වෙතත් අදාළ ප්‍රදේශවල ගොවීන් විසින් ඒ සම්බන්ධයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති අතර, පසුව නිලධාරීන් පිරිසක් එහි ගොස් පරීක්ෂණ ආරම්භ කර ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අනුර විජේතුංග කියා සිටියේ මේ දිනවල එම ප්‍රදේශයට පවතින වර්ෂාවත් සමඟ සේනා දළඹු වසංගතය ව්‍යාප්තවීම අවම වනු ඇති බවයි.

වැසි පවතින අවස්ථාවල කීටයින් විනාශවීම සහ වගාවන් ආශ්‍රිත ප්‍රදේශවලට සළඹයින්ට පියාඹා යාමට ඇති හැකියාව අවමවීම මීට හේතුව බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.