සංචාරයින්ගේ පැමිණීමේ අඩුවක්

Friday, 06 December 2019 - 13:00

%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
දිවයිනට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව පසුගිය නොවැම්බරයේදී පෙර වසරට සාපේක්ෂව සියයට 9.5කින් පහත වැටී තිබෙනවා.

නොවැම්බරයේ දිවයිනට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව දෙලක්ෂ 44,239ක්. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු පසුගිය මැයි මාසයේ සංචාරක ආගමනය සියයට 70කින් පමණ පහත වැටුණා.

එහෙත් මේ වන විට සංචාරකයන්ගේ පැමිණීම ප්‍රකෘතිමත් වෙමින් පවතින බවයි සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සඳහන් කළේ.

නොවැම්බර් මාසය අවසන් වන විට සංචාරකයන් මිලියන 1.67ක් දිවයිනට පැමිණ ඇති අතර එය පෙර වසරට සාපේක්ෂව සියයට 19.6ක පහත වැටීමක් ලෙස සැලකිය හැකියි.

මේ වසරේදී සංචාරකයන් මිලියන 2.5ක් දිවයිනට ආකර්ශනය කර ගැනීමට සැලසුම් කර තිබුණ ද එම ඉලක්කය මේ වන විට මිලියන 1.9 දක්වා පහත හෙළා තිබෙනවා.