තෙල් නිෂ්පාදනය කප්පාදු කිරීමට ඔපෙක් සංවිධානය සහ රුසියාව අතර එකඟත්වයක්.

Sunday, 08 December 2019 - 12:49

%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%94%E0%B6%B4%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
තෙල් මිල ඉහළ නැංවීමේ අරමුණින් නිෂ්පාදනය තවදුරටත් කප්පාදු කිරීමට ඔපෙක් සංවිධානය සහ රුසියාව එකඟත්වය පළ කර තිබෙනවා.

වියෙනා නුවර පැවති සාකච්ඡාවෙන් අනතුරුව තීරණය වී ඇත්තේ දිනකට තෙල් නිෂ්පාදනය බැරල් මිලියන පන් ලක්ෂ්‍යකින් කපා හැරීමටයි.

සෞදි අරාබිය ඊට අමතරව තවත් බැරල් හාර ලක්ෂයක් දිනකට කප්පාදු කිරීමට ස්වේඡාවෙන් එකඟවී තිබෙනවා. මෙම කප්පාදුව ක්‍රියාත්මක වන්නේ පසුගිය වසරේදි ඔපෙක් සංවිධානය සහ රුසියාව එකඟවූ දිනකට බැරල් මිලියන 1.2 ක නිෂ්පාදන කප්පාදුවට අමතරවයි.

මෙලෙස තෙල් නිෂ්පාදනය කප්පාදු කිරීමට තීරණය වීමත් සමඟ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල සියයට 1.4 කින් ඉහළ ගොස් ඇති බව සඳහන්.

ඒ අනුව සතිය තුළ බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල සියයට 5 කින් ඉහළ ගොස් ඩොලර් 64 යි ශත 25 ක් ලෙස සටහන් වුණා.