%E0%B7%83%E0%B7%92%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+100%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
Tuesday, 10 December 2019 - 8:02
සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් පහළ යන ලකුණු
1

Shares
197

Views
වැට් බදු අඩුවීම සහ ජාතිය ගොඩනැගීමේ බද්ද අහෝසි වීම මත සිමෙන්ති කොට්ටයක මිල ඉදිරියේදී රුපියල් 100කින් පමණ පහළ යනු ඇති බව වෙළඳපොළ ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, නව බදු සංශෝධන දෙසැම්බර් 01 වන දා සිට කි්‍රයාත්මක කළ යුතු නමුත්, මේ දක්වා සිමෙන්ති මිලෙහි අඩුවක් සිදුව නැහැ.

අප මේ සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරියෙන් විමසීමක් කළ අතර, එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ බදු සංශෝධනයට පෙර ආනයනය කළ සිමෙන්ති තවමත් වෙළඳපොළෙහි පවතින බැවින් සිමෙන්ති සමාගම් මිල අඩු කිරීමට මෙතෙක් කටයුතු කර නොමැති බවයි.

එහෙත් ඉදිරියේදී බදු අඩු කිරීමේ වාසිය ජනතාවට ලබාදීමට අදාළ සමාගම් කටයුතු නොකළහොත් පාරිභෝගික සේවා අධිකාරිය ඊට මැදිහත් වන බව එම නිලධාරියා සඳහන් කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE