%E0%B6%9C%E0%B7%9D%E0%B6%BD%E0%B7%93%E0%B6%BA+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B6%AD+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%9A
Tuesday, 21 January 2020 - 13:07
ගෝලීය ආර්ථිකයේ වර්ධනය තවදුරටත් පහත වැටේ
1,157

Views
ඉන්දියාවේ ආර්ථික වර්ධනය මන්දගාමීවීම හේතුවෙන් මේ වසරේ ගෝලීය ආර්ථිකයේ වර්ධනය තවදුරටත් පහත වැටිය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

එමගින් ඊයේ නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන පරිදි 2020 වසරේ ගෝලීය ආර්ථික වර්ධනය සියයට 3.3ක් පමණ වනු ඇති.

එය පසුගිය ඔක්තෝම්බරයේ නිකුත් කළ පුරෝකථනයට වඩා සියයට දශම එකක පහත වැටීමක්.

2021 වසරේ දී ද ගෝලීය ආර්ථික වර්ධනය කලින් අපේක්ෂිත ප්‍රමාණයට වඩා සියයට දශම දෙකකින් පමණ අඩු වනු ඇති බව මූල්‍ය අරමුදලේ අදහසයි.

කෙසේ නමුත්, ඇමරිකාව සහ චීනය අතර වෙළඳ යුද්ධය සමනය වීම ගෝලීය ආර්ථිකයේ වර්ධනය සක්‍රිය කිරීමට හේතු වනු ඇති බව ද මූල්‍ය අරමුදල සඳහන් කළා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE