කොළඹ වරාය නගරයට ඩොලර් මිලියන 800ක ආයෝජනයක්

Sunday, 26 January 2020 - 8:12

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+800%E0%B6%9A+%E0%B6%86%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කොළඹ වරාය නගරය සඳහා චීනයේ සී.එච්.ඊ.සී. සමාගම එහි ශ්‍රී ලංකා අනුබද්ධ සමාගම හරහා ඇමරිකානු ඩොලර් මිලියන 800ක් ආයෝජනය කර තිබෙනවා.

ඒ, මුහුද ගොඩ කර වරාය නගරය තැනීම සඳහා වැයවන ඩොලර් බිලියන 1.4න් මූලික ආයෝජනයයි.

ඉන්දීය සාගරයෙන් හෙක්ටයාර 269ක් ශ්‍රී ලංකාවට එක් කළ කොළඹ වරාය නගරයේ පළමු අදියරයේ ඉදිකිරීම් මේ වනවිට අවසන් වී ඇති බවයි සී.එච්.ඊ.සී පෝට් සිටි කලම්බු සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.