%E0%B7%83%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B7%85+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
Thursday, 13 February 2020 - 12:55
සහල් මිළ පාලනය සඳහා වැඩපිළිවෙළකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය
1

Shares
143

Views
ඉහළ යන සහල් මිල පාලනය කිරිම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ කියා සිටියේ මෙටි‍්‍රක් ටොන් 25,000 ක සහල් ගබඩා කරන ස්ථාන සම්බන්ධයෙන් සහ සහල් මිලදී ගැනීම ගැන රජය මැදිහත්වී ඒ යටතේ කටයුතු කරන බවයි.

එමෙන්ම ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීම සඳහා පිලිපීනය සමඟ අන්තර් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමටද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව වී පර්යේෂණ සංවර්ධන ආයතනය සහ පිලිපීනයේ මැනිලා නුවර පිහිටි ප්‍රධාන වී පර්යේෂණ ආයතනය සමඟ මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කෙරෙනු ඇති.

 කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන පළමු ආහාර රසායනාගාරය අද විවෘත කෙරේ

කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන පළමු ආහාර රසායනාගාරය අද විවෘත කිරීමට නියමිතයි. ඒ, විෂයභාර අමාත්‍ය විමල් වීරවංශගේ ප්‍රධානත්වයෙන්.

සුළු මධ්‍යම හා මහපරිමාණ ව්‍යවසායකයින්ගේ ආහාර නිෂ්පාදන පරීක්ෂා කර ජාත්‍යන්තරව පිළිගත් සහතිකයක් ලබාදීම මෙහි අරමුණ වනවා.

කටුබැද්දේ පිහිටි කාර්මික සංවර්ධන මණ්ඩලයේ  මෙම ආහාර රසායනාගාරය පිහිටා ඇති අතර, එමඟින් ආහාර නිෂ්පාදනය, කල් ඉකුත්වීමේ දිනය, ආහාර සුරක්ෂිතතාව සහ ආහාර විෂ මෙන්ම පලිබෝධනාශක අපද්‍රව්‍ය පරීක්ෂා කිරීම සිදුකරනු ලබනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE