කොවිඩ් - 19 නිසා රන් මිලේ වර්ධනයක්

Sunday, 16 February 2020 - 6:54

%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+-+19+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කොවිඩ් - 19 වෛරසයේ ආර්ථික බලපෑම හේතුවෙන් සුරක්ෂිත ආයෝජනයක් ලෙස ලෝක වෙළඳපොලේ රන් මිල වර්ධනය වීමක් ගතවූ සතියේ දක්නට ලැබුණා.

ඒ අනුව සති අන්තය වනවිට රන් අවුන්සයක මිල සටහන් වූයේ ඇමරිකානු ඩොලර් 1583 ක් ලෙසයි.

වෛරසයේ අවදානම තවදුරටත් පැවතුනහොත් රන් මිල ඩොලර් 1600 දක්වා ඉහළ යා හැකි බවටයි වෙළඳපොල විශ්ලේෂකයන් අනාවැකි පළ කළේ.

රත්‍රං මෙන්ම පැලේඩියම්, ප්ලැටිනම් සහ රිදී යන අනෙකුත් වටිනා ලෝහ වර්ගවල මිලද මේ වනවිට ඉහළ ගොස් තිබෙනවා.

සුදු රත්තරංවලට විකල්පයක් වන පැලේඩියම් අවුන්සයක මිල සතියක් තුළ සියයට 4 කින් ඉහළ ගිය අතර, එම ලෝහයේ අවුන්සයක මිල සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 2417 ක් ලෙසයි.