ලොව ඛනිජ තෙල් ඉල්ලුම පහතට

Sunday, 16 February 2020 - 12:43

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%9B%E0%B6%B1%E0%B7%92%E0%B6%A2+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%94%E0%B6%B8+%E0%B6%B4%E0%B7%84%E0%B6%AD%E0%B6%A7
මීට දශකයකට පමණ පෙර සිදුවූ ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසු ප්‍රථම වතාවට ලොව ඛනිජ තෙල් සඳහා ඉල්ලුම පහත වැටී ඇති බව ජාත්‍යන්තර බලශක්ති ආයතනය පවසනවා.

ඊට ප්‍රධාන හේතුවක් ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ කොවිඞ් 19 හෙවත් කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ ඉල්ලුම පහත වැටීමයි.

ඒ අනුව 2020 සඳහා ලෝක බලශක්ති පාරිභෝජනය දිනකට බැරල් හාරලක්ෂ තිස්පන්දහසකින් අඩුවනු ඇති බව බලශක්ති ආයතනයේ ඇස්තමේන්තුවයි.

ඊට පෙර මේ වසරේදී ඛනිජ තෙල් පාරිභෝජනය පෙර වසරට වඩා දිනකට බැරල් අටලක්ෂයකින් ඉහළ යනු ඇති බවට අනාවැකි පළවුණා.

මේ වනවිට ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 57 යි ශත 31 දක්වා පහත වැටී තිබෙනවා.

මේ වසරේදී එම තෙල් බැරලයක මිල සියයට 13 කට වැඩි ප්‍රශතයකින් පහත වැටීම විශේෂත්වයක්.

කෙසේ නමුත් ගතවූ සතිය තුළ තෙල් මිලේ සුළු ප්‍රකෘතිමත්වීමක් දක්නට ලැබුණා.