%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1+%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%AB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%84%E0%B6%AD+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
Tuesday, 18 February 2020 - 7:56
නිෂ්පාදන අංශයේ ගැණුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ පහත වැටීමක්
100

Views
චීනයේ ඇති වූ නව කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් මේ වසරේ ජනවාරි මාසයේ නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 54.0ක් ලෙස අඩු වර්ධනයක් පෙන්නුම් කර ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා.

නව ඇණවුම් සහ තොග මිලදී ගැනීම්වල මන්දගාමී වර්ධනය ඊට ප්‍රධාන හේතුවයි.

විශේෂයෙන් රෙදිපිළි සහ ඇඟලූම් නිෂ්පාදන අංශයන් හි ඇණවුම් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය ඉහළ යාමට මෙන්ම අමුද්‍රව්‍ය ඉල්ලූම ඉහළ යාමට ද කොරෝනා වෛරසයේ බලපෑම හේතු වී ඇති බව සඳහන්.

චීනයේ සිට ආනයනය කරන අමුද්‍රව්‍ය දින නියමයක් නොමැතිව ප්‍රමාද වීම ඊට උදාහරණයක් ලෙස මහබැංකුව පෙන්වා දෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE