කොටස් වෙළඳපොළ ඉදිරි දින දෙකේත් වැසේ

Sunday, 22 March 2020 - 19:34

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%9A
කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවලට දැන් ක්‍රියාත්මක ඇදිරි නීතිය දීර්ඝ කිරීම සැළකිල්ලට ගෙන කොළඹ කොටස් වෙළඳපොල විසින් හෙට සහ අනිද්දා වෙළඳපොල නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව එම දින දෙකේ කොටස් වෙළඳපොල වසා තැබෙන බවයි එමඟින් නිවේදනය කළේ.

පසුගිය සතියේද කොටස් වෙළඳපොල ගණුදෙනු දින 4 ක්ම අත්හිටවනු ලැබුවා.

ඒ, කොවිඞ් - 19 ව්‍යාප්තිය සැළකිල්ලට ගෙන රජය මගින් නිවාඩු දින ප්‍රකාශයට පත් කිරීමත් සමඟයි.

සිකුරාදා දිනයේදී උදෑසන මිල දර්ශක සීග්‍රයෙන් පහත වැටීම නිසා ගණුදෙනු තාවකාලිකව අත්හිටුවීමට සිදුවූ අතර එදින සමස්ත දර්ශකය සියයට 6.22 කින් සහ එස්.ඇන්ඞ්.පී. ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය සියයට 11.72 කින් පහත වැටුණා.