ගෝලීය මූල්‍ය වෙළඳපොල තවදුරටත් අඩපණයි

Monday, 23 March 2020 - 13:19

%E0%B6%9C%E0%B7%9D%E0%B6%BD%E0%B7%93%E0%B6%BA+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B6%B4%E0%B6%AB%E0%B6%BA%E0%B7%92
කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ රටවල් රැසක් අඩපණවීම හේතුකොට ගෙන ගෝලීය මූල්‍ය වෙළඳපොල මේ වනවිට තවදුරටත් කැළඹිලි සහිත තත්ත්වයකට පත්ව තිබෙනවා.

ආසියා - පැසිෆික් කලාපයේ කොටස් වෙළඳපොල අද දිනය වනවිට සීග්‍ර ලෙස පහත වැටී ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

ලොව පුරා බොරතෙල් මිලද මේ වනවිට පහත වැටී තිබෙනවා.

ගැඹුරු ගෝලීය ආර්ථික අවපාතයකට යොමුවීමේ බලපෑම වළක්වාලීමට රජයන් සහ මහබැංකු දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බවයි ආයෝජකයන් පෙන්වා දෙන්නේ.

හොංකොං හි හැංසෙං දර්ශකය සියයට 5.5 කින් පහත වැටී ඇති අතර, චීනයේ ෂැංහයි කොටස් වෙළදපොලද සියයට 3 කින් පහත වැටී තිබෙනවා.

නවසීලන්තයට ප්‍රධාන හුවමාරු දර්ශකය සියයට 10 කට වැඩි ප්‍රමාණයකින් පහත වැටී ඇති අතර, සිඞ්නි හි කොටස් වෙළඳපොළ මිල දර්ශකය සියයට 7.2 ක පසුබෑමක් පෙන්නුම් කරන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ රටවල් රැසක් අඩපණවීම නිසා ගෝලීය මූල්‍ය වෙළඳපොල මේ වනවිට තවදුරටත් කැළඹිලි සහිත තත්ත්වයකට පත්ව තිබෙනවා.

ආසියා - පැසිෆික් කලාපයේ කොටස් වෙළඳපොල අද දිනය වනවිට සීග්‍ර ලෙස පහත වැටී ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. ලොව පුරා බොරතෙල් මිලද මේ වනවිට පහත වැටී තිබෙනවා.

ගැඹුරු ගෝලීය ආර්ථික අවපාතයකට යොමුවීමේ බලපෑම වළක්වාලීමට රජයන් සහ මහබැංකු දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බවයි ආයෝජකයන් පෙන්වා දෙන්නේ.

හොංකොං හි හැංසෙං දර්ශකය සියයට 5.5 කින් පහත වැටී ඇති අතර, චීනයේ ෂැංහයි කොටස් වෙළදපොලද සියයට 3 කින් පහත වැටී තිබෙනවා.

නවසීලන්තයට ප්‍රධාන හුවමාරු දර්ශකය සියයට 10 කට වැඩි ප්‍රමාණයකින් පහත වැටී ඇති අතර, සිඞ්නි හි සියයට 7.2 ක පසුබෑමක් පෙන්නුම් කරන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.