ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවමත් අඩු මට්ටමක

Wednesday, 25 March 2020 - 19:46

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%94+%E0%B6%B8%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%B8%E0%B6%9A
පසුගිය දින කිහිපය තුළ අඛණ්ඩ පහත වැටීමක් පෙන්නුම් කළ ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල තවමත් ඇමරිකන් ඩොලර් 30 කට අඩු මට්ටමේ පවතිනවා.

ඒ අනුව ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද වනවිට ඇමරිකන් ඩොලර් 23 යි ශත 38ක් ලෙස සටහන් වුණා.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දැක්වුණේ ඇමරිකන් ඩොලර් 28 යි ශත 62 ක් ලෙසයි.

මේ අතර විදෙස් වාර්තා සඳහන් කළේ කොරෝනා වෛරසය හේතුවෙන් මතුව ඇති තත්ත්වයත් සමඟ තවදුරටත් ඉන්ධන ඉල්ලුම අඩුවිය හැකි බවයි.