Hirunews Logo
%E0%B6%B8%E0%B7%90%E0%B6%BD%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.
Sunday, 08 April 2012 - 12:57
මැලේසියාවෙන් ලංකාවේ මැණික්වලට ඉල්ලමක්.
4

Shares
502

Views


නුදුරේදී ශ්‍රී ලංකාවෙන් වැඩි වශයෙන් මැණික් මිලදී ගැනීමට මලයාසියාව සූදානම්. ශ්‍රී ලංකාවේ මලයාසියානු තානාපති කාර්යාලය සඳහන් කළේ මෙරට මැණික් දැනටමත් මලයාසියානු වෙළඳපොළ තුළ ජනප්‍රිය වී ඇති බවයි. මේ නිසා ශ්‍රී ලාංකික මැණික් ප්‍රදර්ශනාගාර මලයාසියාව තුළ තවත් පිහිටවිය යුතු බව එහි අදහසයි. වාණිජ මණ්ඩලය මගින් සංවිධාන කළ ශ්‍රී ලංකාව සහ මලයාසියාව ද්විපාර්ශවික වෙලඳ හා ආයෝජන කටයුතු ප්‍රවර්ධනය කිරීමේ සමුළුවක් පසුගිය සතියේ පැවැත්වුණා. ඊට එක්වූ මලයාසියානු මහ කොමසාරිස් කාර්යාලයේ ජේයෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ මෙරට නිෂ්පාදිත කාර්මික භාණ්ඩ වැඩි වශයෙන් ආනයනය කිරීමටද මලයාසියාව අපේක්ෂා කරන බවයි. ශ්‍රී ලංකාව සහ මලයාසියාව අතර ද්විපාර්ශවික වෙළඳාම පසුගිය 2011 වසරේ සියයට 38 කින් වර්ධනය වුණා. නව සංනිවේදන තාක්ෂණය ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කිරීම සඳහා මුල්වී ඇති මලයාසියාව 2005 වසරේ සිට 2009 දක්වා මෙරට විශාලතම ආයෝජකයාද වනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :