Hirunews Logo
%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+60%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94.
Friday, 27 April 2012 - 18:45
පාන් ගෙඩියක මිල රුපියල් 60ක් වන ලකුණු.
11

Shares
1,331

Views

තිරිඟු පිිටි මිල වැඩිවීමත් සමග පාන් සහ බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නැංවීම සඳහා තම විධායක කමිටුව හෙට රාත්‍රියේදී රැස් වන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සම්මේලනය පවසනවා. එම සම්මේලනය මීට පෙර තීරණය කර තිබුණේ අද (27) පස්වරුවේ විධායක කමිටුව රැස්වී පාන් මිල සහ බේකරි නිෂ්පාදන මිල පිළිබදව තීරණයක් ගැනීමටයි. කෙසේ වෙතත් අද (27) පස්වරුවේ විධායක කමිටුව රැස්වීම සම්බන්ධයෙන් ප්‍රායෝගික ගැටලූ මතුවී ඇති බවයි එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ. හෙට රාත්‍රියේදී රැස්වන සමස්ත ලංකා බේකරි හිමියන්ගේ විධායක කමිටුවේදී රුපියල් 3ත්, 5ත් අතර අගයකින් පාන් ගෙඩියක මිල ඉහළ නංවන බව එහි සභාපතිවරයා කියා සිටියා.

 



 

ඉන්ධන මිල ඉහළ දැමීම නිසා පසුගිය පෙබරවාරි 24 වැනිදා අවසන් වරට රුපියල් 5කින් පාන් ගෙඩියක මිල ඉහළ දැමීමට බේකරි හිමියන් තීරණය කළා. කෙසේ වෙතත් හෙට පැවැත්වෙන රැස්වීමේදී රුපියල් 5කින් පාන් ගෙඩියක මිල ඉහළ දැමීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කරනු ඇති බවයි එම සංගමයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් අනාවරණ වුණේ. එසේ රුපියල් 5කින් පාන් ගෙඩියක මිල ඉහළ ගියහොත් දැනට රුපියල් 55ක් වන පාන් ගෙඩියක මිල රුපියල් 60ක් වනු ඇති.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE