Hirunews Logo
%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B5%E0%B6%BD+%E0%B7%84%E0%B7%9C%E0%B6%B3%E0%B6%BA%E0%B7%92+-+I.M.F.
Saturday, 28 April 2012 - 13:42
වර්ධනය අඩුයි - ප්‍රතිඵල හොඳයි - I.M.F.
14

Shares
1,768

Views

ශ්‍රී ලංකාව විසින් මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරිම සහ විනිමය ක්‍රමයේ නම්‍යශීලිතාවක් ඇති කිරීම තුළින් ආර්ථික වර්ධනය අඩු විය හැකි නමුදු එය දිගුකාලීන ප්‍රතිඵල ගෙන දෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. එහි ශ්‍රී ලංකා නේවාසික නියෝජිත කෝෂි මතායි කියා සිටියේ දැඩි මූල්‍ය ප්‍රතිපත්තිවලින් උද්ධමනය ද ඉහළ යා හැකි බවයි. එහෙත් ආර්ථිකයේ ස්ථාවරභාවය සහ දිගුකාලීන වර්ධනය සඳහා එම පියවර අත්‍යාවශ්‍ය බව ඔහුගේ අදහසයි. විනිමය සංචිත සුරක්ෂිතව තබා ගැනීම තිරසාර වර්ධනයේ මූලිකාංගයක් බව මූල්‍ය අරමුදලේ නේවාසික නියෝජිත කෝෂි මතායි සඳහන් කළා. මෙරටින් බිහි වූ ලෝකප්‍රකට ආර්ථික විශේෂඥයෙකු වන ආචාර්ය ගාමිණි කොරයා වෙනුවෙන් පිහිටුවනු ලැබූ පදනමේ සමාරම්භක දේශනය පවත්වමින් මූල්‍ය අරමුදලේ නියෝජිතයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා. පසුගිය කාලය තුළ මෙරට දැඩි මූල්‍ය ප්‍රතිපත්ති රැසක් ක්‍රියාත්මක කෙරුණු අතර විනිමය ක්‍රමය නම්‍යශීලි කිරිමට ද පියවර ගත්තා. මේ නිසා මේ වසරේ ආර්ථික වර්ධන ඉලක්කය වන සියයට 8 ක වර්ධන වේගය සියයට 7 යි දශම 2 ක් දක්වා පහත හෙළීමටයි මහ බැංකුව කටයුතු කළේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE