Hirunews Logo
%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%BB+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%80%E0%B7%93%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%9A.
Monday, 14 May 2012 - 13:27
දියර කිරි වීදුරුව ලැබේ.
4

Shares
568

Views

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන පාසල් ළමුන්ට දියර කිරි වීදුරුවක් ලබාදීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙල අද ආරම්භ වුණා. ඒ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්. දිස්ත්‍රිික්කය පුරා පාසල් 523 ක මෙම වැඩසටහන ක්‍රියාත්මකයි. ඒ යටතේ පාසල් සිසුන් එක්ලක්ෂ පනස්දහසකට ආසන්න පිරිසකට දිනපතා දියර කිරි වීදුරුව බැගින් ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා. මෙම වැඩපිළිවෙල ඉදිරියේදී ක්‍රමානුකූලව දීප ව්‍යාප්ත මට්ටමින් සිදුකිරීමටයි ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ. පසුගියදා නුවරඑළිය ප්‍රදේශයේ කිරි ගොවීන්ගේ නිෂ්පාදන අලෙවි කරගත නොහැකිව මතුවූ ගැටලූවෙන් අනතුරුව රජය විසින් මෙම පියවර ගනු ලැබුවා. දැනට නුවරඑළි දිස්ත්‍රිික්කයේ පමණක් කිරි ලීටර් 20000 ක් පමණ දෛනිකව නිෂ්පාදනය කරන බවයි ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE