Hirunews Logo
%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B7%99%E0%B6%AF%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
Monday, 14 May 2012 - 20:01
කොටස් වෙළෙදපොළ වර්ධනයක්.
5

Shares
703

Views

ගනුදෙනු දින 9ක් තිස්සේ පහත වැටුණු කොළඹ කොටස් වෙළෙදපොළේ මිල දර්ශක අද (14) වර්ධනයක් පෙන්නුම් කළා. විශේෂයෙන් ඔයිල් පාම් කොටස් සඳහා ආයෝජකයන් තුළ පැවැති ඉහළ ඉල්ලීම ඊට හේතුවයි. කොටස් වෙළෙදපොළ සමස්ත දර්ශකය අද (14) දින ඒකක 7.75කින් ඉහළ ගොස් 5116.31ක් ලෙස සටහන් වුණා. කෙසේ නමුත් මිලංකා දර්ශකය ඒකක 2කින් පමණක් පහත වැටී තිබෙනවා. දිනය අවසන දී එය සටහන් වූයේ 4608.86ක් ලෙසයි. කොළඹ කොටස් වෙළෙදපොළේ අද (14) දින මුළු පිරිවැටුම රුපියල් මිලියන 286.6ක්. පසුගිය සතියේ කොටස් වෙළෙදපොළ පිරිවැටුමේ සාමාන්‍යයේ රුපියල් මිලියන 400ක්. බුකිට් ධාරා සහ ශාලිමාර් යන ඔයිල් පාම් කොටස්වල මිල ඉහළ ගිය අතර, ජෝන්කීල්ස්, කොමර්ෂල් බෑන්ක් සහ ඩයලොග් ආසියාටා කොටස් මිලෙහි ද වර්ධනයක් දක්නට ලැබුණා.  

 

මේ අතර ඇමරිකානු ඩොලරයක් සඳහා විනිමය අනුපාතිකය අද (14) දින විචලනය වූයේ රුපියල් 128 ශත 30ත්, ශත 90ත් අතරයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE