Hirunews Logo
%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%9F%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A+30%E0%B6%9A%E0%B7%8A.
Monday, 06 August 2012 - 19:00
සුළඟින් මෙගාවොට් 30ක්.
3

Shares
461

Views

සුළං බල විදුලි බලාගාර තුනකින් ජාතික පද්ධතියට මෙගාවොට් 30ක විදුලි බලයක් එක්කිරීම ලබන 09 වැනිදා සිදුකෙරෙනවා. දළුව, නිර්මලපුර මුහුදු තීරය ආසන්නයේ පැතිර ඇති එක් බලාගාරයක් සඳහා ආයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන 2400ක්. දෙවැනි බලාගාරය පුත්තලම - ලක්විජය ගල් අගුරු බලාගාරයට යාබදව පිහිටා ඇති අතර ඒ සඳහා ද රුපියල් මිලියන 2400ක් අයෝජනය කර තිබෙනවා. මෙහි සුළං බල විදුලිජනක කුළුණු 8ක් සවි කර ඇති අතර, දැනට දිවයිනෙහි ඉදිකර ඇති විශාලතම සුළං විදුලිබල කුළුණු බලාගාරය එයයි. එම කුළුණු මීටර් 85ක උසකින් හා මීටර් 82ක විශ්කම්භයකින් යුක්ත වනවා.

 

මෙගාවොට් 10ක ධාරිතාවකින් යුත් තෙවැනි බලාගාරය සේතපොළ කලපු තීරයට ආසන්නයේ ඉදිකර ඇති අතර, එය මීටර් 65ක් උස සුළං බල විදුලිජනක කුළුණු 7කින් යුක්තයි. මෙම සුළං බල විදුලි බාලාගාර සඳහා දේශීය ඉංජිනේරු දැනුම සහ දේශීය ආයෝජන යොදා ගැනීම විශේෂත්වයක්. වසර 2020 වන විට මෙරට විදුලිබල අවශ්‍යතාවයෙන් සියයට 20ක් සූර්ය සුළං හා ජෛව ස්කන්ධ වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ආශ්‍රයෙන් උත්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :